මිතුරෙක් මුහුණ පොතේ පලකර තිබුණු ඡායාරූප කිහිපයක් මගින් මුලින්ම මට අරංගල කඳුවැටිය පිලිබඳ දැනගත හැකි විය.ඒ පිලිබඳ අන්තර් ජාලයේ තොරතුරු සොයාගෙන යද්දී එය නාඋල නගරයට ආසන්න බවත් සොයාගත හැකි විය. ඉන්පසුව හමුවුණු පළමු සති අන්තයේම කඳු තරණය සඳහා මිතුරන් කිහිපදෙනක් කැමතිමකරවාගෙන ගමන සැලසුම් කළෙමි. මහනුවර සිට නාඋල දක්වා යෑමට පැය තුනක් පමණ ගතවන නිසා උදෑසන 6.30ට ගුඩ්ශෙඩ් බස්නැවතුමෙන් පිටත්වීම අපේ සැලසුම විය.
සුපුරුදු පරිදිම හරියටම උදෑසන 6.30වන විට මට දුරකථන ඇමතුමක් ලැබුණි ඒ "මචං මට උදේ බස් එක මිස් උනා එද්දි හතහමාරවත් වෙයි"කොහොමත් ඒ කතාව ඇසීමේ බලාපොරොත්තුවෙන් සිටිම් මම "කමක්නෑ බන් ඉක්මනට වරෙන්"කියමින් ඇඳෙන් බැස්සේ හතයි තිහට කලින්වත් ගුඩ්ශෙඩ් එකට යාමේ බලපොරොත්තුවෙනි.විනාඩි කිහිපයකින් මුහුණ සෝදගෙන හැමවිටම සූදානම් ගමන් මල්ල එල්ලාගෙන කඩිමුඩියේ පාරට පැමිණිවිට මගේ වාසනාවට මෙන් CTB බස් රථයක නැගීමට හැකිවිය(ගම්පල නුවර ගමන්කරන්නේ ගුවන්යානා වලට වඩා මදක් අඩු වේගයකිනි).එතැන්සිට නුවරට යනතෙක්ම නිහඬව පැවති ජංගම දුරකථනය අනෙක් පිරිසද තවමත් පැමිණනැති බව කියපෑවේය.
බස් නැවතුමට යනවිටම තවත් මිතුරෙක් පැමිණි අතර අප දෙදෙනා මාරුවෙන් මාරුවට තවමත් පැමිණෙමින් සිටින අයට කතාකරමින් බැනවැදුනේ හයහමරේ සිට ගුඩ්ශෙඩ් එකේ කට්ට කමින් සිටිලෙසයි.ඉන්පසු ඔවුන් එනතුරු අපි අපේ කඳුනැගීමේ ජාතික ආහාරයවන පාන්,හොදි සහ උම්බලකඩ සම්බෝල මිලදී ගතිමු.කෙසේහෝ උදෑසන අටට සියළු දෙනාම එකතුවූ බැවින් ත්‍රිකුණාමලය බසයක නැගී නාඋල බලා පිටත්විය හැකිවිය.
 |
අරංගල කඳුවැටිය මාර්ගයට පෙනෙන අයුරු |
ජාතික යොවුන් සේනාංක නාඋල ශඛාවට පෙර බස් නැවතුමෙන් බැසගත් අපි අරංගල කඳුවැටියබලා ගමන් ඇරඹුවෙමු. කන්ද පාමුළ දක්වා කොන්ක්‍රීට් පාරක ගමන් කළ අපි පාර අවසානයේ තිබුණු අත්හැරදැමූ නිවසක් අසලින් වනාන්තරයට පිවිසුනෙමු.වියළි කලාපයේ වනාන්තරවල විෂ සහිත සර්පයන් හමුවීමේ හැකියාව වැඩි නිසා ඒ පිළිබඳ අවදානයෙන් අපි වනාන්තරය තුලට ගමන් කළෙමු. මද දුරක් ගමන්කිරීමේදී වියලීගිය දියපාරක් හමුවුනු අතර නැවත ගමන් මාර්ගය සොයාගැනීමේ පහසුව තකා අපි එය ඔස්සේ ගමන්කළෙමු.වැල්වල එල්ලෙමින් ගල් දිගේ බඩගාමින් සෑහෙන දුරක් දියපහර දිගේ ගමන්කල අපට ඉදිරියට හමුවුනේ තරණයකළ නොහැකි විශාල පර්වතයකි.ඉන් ඉදිරියටයාම අපහසු නිසා අපි එය වටායාමට තීරණය කළෙමු.
නැවතත් කැලය තුලින් අපහසුවෙන් ගමන්කල අපි වනගහනය අඩු බෑවුමකට පැමිනීමට සමත්වුනෙමු.ඉන්පසු ගල්පොත්තක් දිගේ ඉහලට නැගීමෙන් පසුව පළමු කඳුමුදුනට පැමිනීමට හැකිවිය.
 |
පළමු කඳුමුදුන වෙත... |
ප්‍රදේශයේ උසම කන්ද නිසා ඉතා දුරට විහිදුනු
අලංකාර දර්ශනයක් විඳගැනීමට අපට හැකිවිය.දුරින් පෙණෙන්නට තිබුණු බෝවතැන්න
ජලාශය එම දර්ශනයේ සුන්දරත්වය තවත් වැඩිකරන්නට සමත්විය.කඳුමුදුනේ ගඩොලින්
තැනූ චෛත්යයක්වැනි ස්මාරකයක් විය.නමුත් ඒ සියල්ලට වඩා අප පුදුමකලේ තනි
කන්දක් ලෙස සිතා තරණයකල කන්ද ඉදිරියේ තවත් කඳුමුදුන් දෙකක් පැවතීමයි.
 |
බෝවතැන්න ජලාශය |
 |
චෛත්‍යයක් වැනි ස්මාරකය | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
දෙවන කඳුමුදුන අධික බෑවුමක් සහිත ගල්පර්වතයක්වූ බැවින් එය තරණය ඉතා අපහසු විය.සුළු වැරදීමක් කන්ද පාමුලට වැටීමට තරම් ප්රපාතයක් ඉදිරියෙන් ගමන්කිරීම ඉතා ත්‍රාසජනක අද්දැකීමක්විය.
 |
දෙවන කඳුමුදුනට |
තුන්වන කඳුමුදුනට නැගීම සඳහා දෙවන කඳුමුදුනින් බැස විශාල මානා වලින් වැසුණු තැනිතලාවක් පසුකලයුතු විය.
 |
මානා තැන්න |
 |
තෙවන කඳුමුදුන |
තෙවන කඳුමුදුනට වැඩි අපහසුවකින් තොරව ලඟාවිය හැකිවිය.එයට මුළු කඳුවැටියම හොඳින් දිස්විය.එහි සිට දිවා ආහාරයගත් අප ඉක්මණින් කන්ද බැසීමට තීරණය කළේ අධික උණුසුම හා සුලඟ නිසා අපේ ජල අවශ්‍යතාව වැඩිවීමයි. අපි පැමිණි මග ඔස්සේම යාමට හැකිවූ නිසා ඉක්මණින් කන්දෙන් බැස ප්‍රධාන මාර්ගයට පැමිණීමට හැකිවිය.
 |
අරංගල කඳුවැටිය |
 |
අරංගල කඳුවැටිය |