හදිස්සියේ බණ්ඩාරවෙල යන්ඩ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ හිතාගෙන ඒ අවට ඇවිදින්න තැනක් හොයද්දි තේරුණු දේ තමයි එහෙ විශාල සන්චාරක අකර්ශනයක් ඇතිදෙයක් නැති බව.ඇල්ල නගරයට ආසන්නව සුප්‍රසිද්ධ ඇල්ල ගල, පුන්චි සිරීපාදය සහ රවණා ඇල්ල තිබුනත් බණ්ඩාරවෙල ආසන්නයේ තියන්නේ Adisham hall සහ Lipton Seat පමණයි.ඒ හැමතැනකම ගිහින්තියන නිසා අළුත් තැනක් හොයද්දි තමයි බෝඹුරු ඇල්ල ගැන දැනගන්ඩ ලැබුණේ.
බෝඹුරු ඇල්ලට යන්ඩත් වැලිමඩ නගරය පහුකරන්ඩ ඕනි.ඉතින් සංචාරය පටන්ගත්තෙ උදේම බණ්ඩාරවෙල -වැලිමඩ පෞද්ගලික බස් එකකට ගොඩවෙලා.එකෙ පැය එකහමාරක් විතර බස් අජියාගේ සින්දුවල රිද්මයට නැලවෙමින් පැද්දෙමින් ගැස්සෙමින් ගමන්කර වැලිමඩ නගරයට ළඟාවුනා.ඉන්පසු බස්නැවතුම්පොලේදි කළ විමසුම්වලින් බෝඹුරු ඇල්ල නමින්ම බස් රථ ඇති බව දැනගතහැකි විය.එම බස් රථ ප්‍රධාන නැවතුමේ නොව ඊට පෙර ඇති නැවතුමකදි නවතා තිබෙන ඒවා විය.එම බසයක නැඟී කිලොමීටර 12 පමණ ගිය පසු බෝඹුරු ඇල්ලට යන අඩිපාර ඇරඹෙන තැනට යෑමට හැකිවිය.
 |
බොඹුරු ඇල්ලට යන අඩිපාර ඇරඹෙන තැන |
එතැන්සිට අලංකාර අඩිපාරක් ඔස්සේ විනාඩි 45ක පමණ කාලයක් ගමන්කිරීමෙන් ඇල්ල පාමුලට ළඟාවිය හැක.වැසිකාලය නිසා මග දෙපස කුඩා ජල දහරා හොඳින් පෝෂණයවී තිබූ බැවින් පරිසරයේ අලංකාරය වචන වලට පෙරළිය නොහැකිතරම් විය.
 |
මෙවැනි කුඩා දියපාරවල් ගමන්මග පුරා ඇත |
මාර්ගයේ තැන් තැන් කොන්ක්‍රීට් යොදා හොඳින් පිළිසකර කොට තිබීම ඉතා සතුටුදායකය.ප්‍රධාන ඇල්ලට පෙර ඇති කුඩා ඇලි දෙක පාගමනේ යෙදෙන අපගේ ගමන් විඩාව නිවාදැවීමට උපකාර විය .
 |
පළමු කුඩා ඇල්ල |
 |
දෙවන කුඩා ඇල්ල |
දිය ඇල්ල අසල සුළඟ නිසා වැහි වලාකුලක් යටදී මෙන් අපි තෙමී නැහැවුනෙමු.ඒ නිසා ඇල්ල පාමුළ සිට ඡායරූප ගැනීමට ජන්ගම දුරකථනය එලියටවත් ගත නොහැකිවිය.කෙසෙහෝ ඡායරූප ගැනීමට ඇල්ලේ පැත්තකට බඩගාගත හැකිවිය,නමුත් කූඩැල්ලන්ගේ අධික ප්‍රහාර හමුවේ පසුබෑ අපි නැවත නිවෙස්බල පිටත් වුනෙමු.
 |
බෝඹුරු ඇල්ල ඈතින් |
 |
බෝඹුරු ඇල්ල ඉදිරි පෙනුම |
 |
බෝඹුරු ඇල්ල මදක් ඉහලින් |
කලාහිතේ කොමෙන්ට් එක දැකල එතනින් හොයාගෙන ආවේ. මගේ ගම බදුල්ල.. ඒත් බදුල්ල අවට තියෙන මේ තැන් ගොඩකට මම ගිහිල්ලත් නෑ. ස්තුතියි තොරතුරු බෙදා ගත්තට.
ReplyDeleteමේක ඊයේ පටන් ගත්ත බ්‍රෑන්ඩ් නිව් බ්ලොග් එකක් නේද? සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගන්නවා. දිගටම ලියන්න.
ස්තූතියි ප්‍රතිචාරයට.කාලයක් ano ආවත් දැන් තමයි මූණක් හදාගත්තේ .
Deleteගුඩ් වන්නහ්
ReplyDeleteතැන්කූ,තැන්කූ දිගටම එන්න
Deleteකල්යාණගෙ කොමෙන්ට් එකෙන් ආවෙ.
ReplyDeleteදිගටම ලියාගෙන යං.
බ්ලොගර් ෆලෝවර් එක දාගත්තොත් අපිට ලේසියි මේ පැත්තෙ එන්න.
Layout>Add a Gadget>More Gadgets>Followers
ස්තූතියි ආවට.ඒ ගැජට් එකත් ඉක්මනට අලවගන්නම්.තව කරන්ඩ ේ තියනවනම් කියන්න.පළවෙනි පාරනෙ අද්දැකීම් නෑ.
Deleteඔතන ස්කවුට්ලගෙ ස්ථීර කදවුරක් තියනවද? නැතිනම් ඒ වෙන බෝඹුරු ඇල්ලක්ද?
ReplyDeleteඒකනම් දන්නෑ.හැබැයි කඳවුරු කරන අය අතර ප්‍රසිද්ධ තැනක්
Deleteසුබ පැතුම්.... දිගටම ලියන්න....!!!!
ReplyDeleteස්තූතියි මාව සින්ඩියෙ එල්ලුවට.කැම්පස් සින්ඩියෙ පාඩම් වලින් තමයි මේක පටන්ගත්තේ .
Deleteඇවිදින්න යන එක නියම අත් දැකීමක් නේද...මේක ලස්සන තැනක් ....හම්මේ ඒ වුනාට කූඩැල්ලො කිව්වම නම් ....
ReplyDeleteමේ පැත්තෙ ආවෙත් කොමෙන්ට් එකේ එල්ලිලා...දිගටම එනවා...කියවන්නට
ඇවිදින්ඩ යද්දි කූඩැල්ලෝ කියන්නේ සාමාන්‍ය දෙයක්නේ .දිගටම මේ පැත්තෙ එන්ඩ.
Deleteමම මේ අවුරුද්දේ මුල තමයි පලමුවෙනි වතාවට ( ලංකාවට ආ ගමන් ) බෝඹුරු ඇල්ල බලන්න ගියේ. අපි යනකොට එතරම් වැසි වැටි නොතිබුණත් ඇල්ල දක්වා යන ගමනත් , ඇල්ල අසලත් ඔය විස්තර කළා වගේම ලස්සනයි. අතරමග රොටි සහ ලුණු මිරිස් සමග කහට තේ එකක් විකුණන ඒ අසලම ජිවත් වන වෙළෙන්දා ගේ සංග්‍රහයත් ඉස්තරම් .. ජයවේවා !!!
ReplyDeleteවැස්සත් එක්ක තමයි මේවගේ පරිසරය ලස්සනවෙලා එන්නේ.අපි බස් එක අල්ලන්ඩ දිව්ව නිසා රොටියක් කාල තේකක් බොන එක කරන්ඩ බැරිවුනා.
Deleteඑල....ලියන්න
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
Deleteඑල බන් දිගටම එන්නම්.ෆොටොත් එක්ක දාන එක සෑහෙන වටිනවා අපිට උනත් යන්න ඉස්සෙල්ලා බලන්න පුළුවන්නෙ
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ,මේ පැත්තට දිගටම එන්න.
Deleteඑල ද බ්‍රා
ReplyDelete++++++
Deleteෆොටෝ ටික ලස්සනඊ .ෆොටෝ ගන්න අමාරු උනාද. තව විස්තර තිබුනානම් ගොඩක් හොදඊ.
ReplyDeleteකූඩැල්ලෝ එක්ක වැඩේ පොඩ්ඩක් අමාරුවුනා.මේ පළවෙනි එකනෙ පස්සේ මේකට තව තොරතුරු ටිකක් එකතු කරන්ඩ උත්සහ කරන්නම්.
Deleteෆොටෝ ටික ලස්සනඊ. ෆොටෝ ගන්න අමාරු උනාද තව විස්තර තිබුනනම් හොදඊ.
ReplyDeleteඑන අවුරුද්ද දිහා ඇල්ල පැත්තේ රවුමක් ගහන්න හිතාගෙන ඉන්නවා, ඒ ගමන් මේ පැත්තෙත් පොඩ්ඩක් රවුමක් දාන්න ඕන, මේ කියන ඇල්ල තියෙන්නෙ සඳ තැන්නට කිට්ටුවද ?
ReplyDeleteගූගල් සර්ච් එකෙන් පෙන්නන්නේ මෙතන : 6.94736, 80.83078
සඳ තැන්නට ළඟින් තිබ්බට යන්න තියන පාර නම් ලොකු වටයක්.සඳ තැන්න නැතුව මේක බලන්න යන්ඩ .ලංකාවෙ පළලම දිය ඇල්ලනෙ.
Deleteසඳ තැන්නට ගිහින් තියනවා බෝඹුරු ඇල්ල පැත්තෙ යන්න ඕන වෙලාවක් ලැබුනොත්.
ReplyDeleteBest Real Money Casino Apps in USA 2021 - CasinoWow
ReplyDeleteSlots Casino — filmfileeurope.com One of the most recognizable worrione online slots games around. This game's most recent is 출장안마 the Playtech 🏆 Best Real Money Casino App: SlotWolf🎁 #1 USA Casino Bonus: Risk https://octcasino.com/ Free Spins for 1등 사이트 $1,000🏆 Best Real Money Casino App: SlotsMillion