![]() |
යක්දෙස්සාගල කන්ද |
ලක්දිව කිරුළත් සමගම පඬුවස්දෙව් රජුට කුවේණිගේ ශාපයත් උරුම විය.උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණු විජයට කුවේණිගේ ශාපය එතරම් දරුණුවට බලනොපෑවත් පඬුවස්දෙව් රජුට රාත්‍රියේ නිදාගැනීමටවත් නොහැකි ලෙස ශාපය බලපාන ලදී.සිහිනෙන් බිහිසුණු දිවියෙකුගේ රුවක් පෙනෙන්නට වීමෙන් රජු රෝගාතුර විය .රෝගාතුර වූ රජු සුවපත් කරන ලෙසට රජතුමාගේ ඉෂ්ඨ දේවතාවා ශක්‍ර දෙවියන් ගෙන් ඉල්ලා සිටින ලදී.මේ ඉල්ලීමට ඇහුම්කන්දුන් ශක්‍ර දෙවියන් පවසා සිටියේ දිවි දෝෂය නිමකරන්නට මලෙන් උපන් කුමාරයෙක් විසින් යාගයක් සිදු කළයුතු බවයි.ඒ සඳහා මලය රටේ රජු වූ මලින් උපන් මලය රජු කැඳවා ගතයුතු විය.ශක්‍ර දෙවියන් මලය රජතුමා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම රාහු අසුරයාට පවරන ලදී.
යාගයක් පැවැත්වීමට රජෙක් සියළු වැඩ පසෙකලා පැමිණෙතැයි බලාපොරොත්තු විය නොහැකි නිසා ඒ සඳහා උපායක් යෙදීමට රාහු අසුරයා තීරණය කළේය .රාහු අසුරයා ඌරු වෙසක් මවාගෙන මලය රජුගේ රාජකීය උද්‍යානය විනාශ කරන ලදී ,කෝපයට පත් රජු මේ පිලිබඳ සොයාබැලීමට පැමිණෙත්ම ඌරු වෙසින් සිටි අසුරයා රජුගේ හිසට උඩින් පැන ලංකාවට දිවයන්නට විය. තමාට සිදුකළ අපහාසය නිසා කෙසේහෝ ඌරා දඩයම් කිරීමේ අරමුණින් මලය රජු තම සොහොයුරන් දෙදෙනා සමග ඌරා ලුහුබඳිමින් ලංකාවටම පැමිණියේය .හන්තාන අඩවියේදී මලය රජු කඩු පහරක් එල්ල කරත්ම ඌරා ගලක් බවට පත්විය .(මෙම ගල හන්තාන කඳු වැටියේ ඇති ඌරා කෙටූ ගල බව විශ්වාස කෙරේ.)
![]() |
හන්තාන කඳුවැටිය දකුණු අන්තයේ සිට. |
![]() |
හන්තාන කඳුවැටිය දිවිදොස් කන්දේ සිට.(මහවැලි ගඟ අසල ඇත්තේ ප්‍රිම් රෝස් කන්දයි ) |
එවිට රජු ඉදිරියට පැමිණි ශක්‍ර දෙවියන් මලය රජු ලංකාවට කැඳවාගෙන ඒමට හේතුව පවසන ලදී.පඬුවස්දෙව් රජු සුවපත් කිරීමට අවශ්‍ය යාගය පැවැත්වීමට මුලින්ම යෝජනා වූයේ දිවිදොස් කන්ද පාමුලදීය නමුත් එහි ඉඩකඩ මදි බැවිනි යාගය පැවැත්වූයේ අනුරාධපුර මහමෙව්නා උයනේදීය.
![]() |
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමය |
![]() |
කොහොඹා කංකාරියේ අවස්ථාවක්.(ඡායා රූපය අන්තර්ජාලයෙනි ) |
(කුවේණියගේ ශාපය ,කොහොඹා කංකාරියේ ආරම්භය පිලිබඳ මෙයට වෙනස් ජනප්‍රවාද රැසක් ඇති අතර ඔබ දන්නා විස්තර මෙයට කමෙන්ට් ලෙසින් එක්කරන්න)
මෙම ලිපිය ලිවීමට මූලික වූයේ දිවිදොස් කන්දට එම නම ලැබුණු කතාව සොයාගැනීමට කළ උත්සහයයි.මීට කලකට පෙර අසා තිබුණු එම කතාව සොයාගැනීමට නොහැකි වුවත් ඊට පාදක වූ දිවිදෝෂයේ කතාව ලියා තැබුවේ ඉදිරියට මේ කතාවට සම්බන්ධ යක්දෙස්සාගල කන්ද ,හන්තාන කඳුවැටිය ,දිවිදොස් කන්ද සහ මහමෙව්නා උයනට මා කළ සංචාර පිලිබඳ සටහන්වලට ආරම්භයක් ලෙසයි.
කුවේණියගේ ශාපය ,කොහොඹා කංකාරියේ ආරම්භය වගේ එව්වා මිත්‍යා දෘෂ්ටික වැදගම්මකට නැති පල් හෑලි. ඕවා ගැන කතා කරන වෙලේ විද්‍යාත්මක දැනුම බෙදාහදා ගනිමු.
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි .මම මේ ජනප්‍රවාදය ලියන්න හේතුව ලිපියේ අවසානයේ සටහන් කරලා තියනවා.
Deleteමේ ලෝකයේ බොහෝ සුන්දර දේ ගතහොත් ඒවා විද්‍යාත්මක නැහැ. ඉන් අදහස් කරන්නේ සියළු මිත්‍යා දෘෂ්ඨික දේ සුන්දරයි කියන් එකනම් නොවේ. සඳ තවත් පස්ගොඩක් ; යෝධ සවලකට ගත හැකි කියනවට වඩා ; සේකර හඳ සහ නිව්යෝර්ක් නුවර කවියේ දැක්වෙන පරිදි මේ අපේ වෙල් එළියට පායන හඳ! බෝමළුවට පායන හඳ ලෙස ගත්තාම ඒකෙ සුන්දරත්වයක් රැඳෙනවා. මේ කොහොඹා කකකාරිය , දෙවොල් මඩු , වේල් කරත්ත , කැරොල් සංගීතය , භක්ති ගීත , නාද්ස්වරම් හඬ , තවිල් බෙරේ මේ සියල්ල එක්කරන්නේ ජීවිතයට සුන්දරත්වය! එය විද්‍යාවෙන් ඈතයි. එකඟයි! හැබැයි හදවතට ලඟයි! -හොඳ ලිපියක් - තට්ටයා http://thattayagekolama.blogspot.com/
ReplyDeleteඔබේ අදහස ගොඩක් වටිනවා.ඇත්තටම ඕන දෙයක් රසවිඳින්න තමන්ගේ මනස පුරුදු කරගන්න පුළුවන්නම් ජීවිතේම සුන්දරයි.
Deleteඇත්ත බොරු කොහොම වෙතත් හොඳ කතාවක්.
ReplyDeleteමේක එක එක විදිහට සඳහන්වෙන කතාවක්.ඇත්ත බොරු කෙසේවෙතත් රසවිඳින්න පුළුවන්.
Deleteරජුගේ දිවිදෝශය නැති කරන්න කොහෝඹාකංකාරිය පටන්ගත්තා කියලා ඔය විස්තර ටිකක් විතර දැන හිටියාට ස්ථාන එක්කම දැනගත්තේ අදයි. ස්තූතියි
ReplyDeleteමේක ලියන්න හිතුවෙ මීට සම්බන්ධ තැන්වලදී අහන්න ලැබුණු කතා එකතු කරල තියන්න.
Deleteමේ කතාවේ මංනොදන්න බොහෝ දේ අද දැන ගත්තා....
ReplyDeleteමේ සටහන් කාටහරි වැදගත් කියල දැනගන්න එක ලොකු සතුටක්.
Deleteහොඳ ලිපියක් බක්කරේ. ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදෙයක් කියවන්නට බලන් ඉන්නවා.
ReplyDeleteජයවේවා!!!
ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මේ කතාවට සම්බන්ධ තැන්වලට ගිය සංචාරක සටහන් .
Deleteජයවේවා!!
බුදු අම්මෝ විස්වාස කරන්න බැරි කතා ගොඩායි.මම බලන් ඉන්නේ පින්තූර දානකම් ඔය ගිය ගමන් වල
ReplyDeleteගියපු ගමන් විස්තර එක්ක පින්තූර දාන්නම් .මේකත් එක්ක බැඳුණු තවත් කතා සෑහෙන්න තියනවා.
Delete+++++++
ReplyDeleteස්තූතියි
Deleteඅදයි මේ පැත්තෙ ආවේ...
ReplyDeleteදිවි දෝශය ගැන අහල තිබුන... ඒත් ගොඩක් විස්තර දැනගත්තෙ බක්කරගේ සටහනින්...
දිගටම ලියන්න...
ස්තූතියි ප්‍රතිචාරයට.දිගටම මේ පැත්තට එන්න.
Deleteනොදන්න තොරතුරු ටිකක් බක්කරේ
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට රෝමා.
Deleteබොහොම ස්තුතියි මළේ, මමත් මේ පැරණි මිත්‍යා කතා එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් කියන Mythological Tales වලට බොහොම කැමතියි. ඒ සමහරක 1-2% ක විතර ඇත්තක් තියෙන්නත් පුළුවන් නමුත් වැදගත්ම ඒවා කොයිතරම් නිර්මානශිලීද කියන එක.
ReplyDeleteනමුත් ඇතැම් ඔලුව විකාර උනු පිස්සො රාවණා, සින්බෑඩ්, බයිබලේ තියන ගල් පැලෙන ඇත්ත වගේම බෞද්ධ සාහිත්‍යයේ තියන අතිශෝක්තියට නගපු ඇතැම් දේවල් වලින් මිනිස්සුගේ ඔලු පුරවල මෝඩයෝ කරන්න හදන එක ගැන නම් ඇත්තේ දැඩි තරහක් !
මමත් මෙහෙම ඇවිදින තැන් සම්බන්ධ කතාවලට සෑහෙන්න කැමතියි .ඔය අතිශෝක්තියෙන් තියන කතාත් කියවලා අහලා රසවිඳින්න හොඳයි සිරා ගන්නැතුව
Deleteස්තුතියි මේවා මගේ ස්කෝලේ වැඩවලට ගොඩක් උදව් වුනා
ReplyDelete