Thursday, August 3, 2017

ලංකාවේ තෙවැනියට උසම තොටුපොළ කඳු මුදුනට

                                             මම ජූලි මාසය  ආරම්භ කළේ කිහිප වරක්ම සැලසුම් කළත් ඉටුකරගැනීමට නොහැකි වූ තොටුපොළ කන්ද තරණය කිරීමෙනි(මුහුදු මට්ටමේ සිට උස 2357 m) .කිරිගල්පොත්ත තරණය පිළිබඳ  ලියූ සටහනේදී මම සඳහන් කළා ලංකාවේ තෙවැනියට උසම කන්ද වන තොටුපොළ කන්දත් පිහිටා තිබෙන්නේ මහ එළිය තැන්නේ බව.මීට පෙර හැම වරෙකම මෙම සංචාරය කිරීමට නොහැකි වූයේ ලෝකාන්තය  හෝ කිරිගල්පොත්ත නැරඹීමට  යාමෙන් පසු කාලය මදිවීමෙන් හා මහන්සිය වැඩි  නිසාවෙනි .එමනිසා මෙවර අපගේ බලාපොරොත්තුව වූයේ මුලින්ම තොටුපොළ නැගීමයි.වෙනදාට  දුම්රියෙන් ගමන්කර ඉතිරි  මුළු දුරම පාගමනින් යන අප මෙවර වෑන් රථයකින් යාමට යාමට තීරණය කළේ මිතුරියන් පිරිසකුත් ගමනට එක්වීම නිසාවෙනි .උදෑසනම නුවරින් පිටත්වුනු අප නුවරඑළියේ නැවැත්වූයේ උදෑසන ආහාරය ගැනීමටයි.සීතලේ වෙව්ලමින් සිටි අපට මස් හොදි සමග ලැබුණු  උණු උණු පරාටා දිව්‍ය භෝජනයක් බඳු විය. කෑම අවසන් කළ සැනින් ප්ලේන්ටියක් පානය කළේ තවදුරටත් සීතල පරාජය කිරීමටයි .

  ප්‍රවේශපත්  කාර්යාලය අසල   පොකුණ 
   
                                 ඉන්පසු නැවත ගමන් ආරම්භ කළ අපට මහ එලිය තැන්නට ආසන්නවත්ම  පෙනෙන්නට තිබුණේ ප්‍රවේශපත් නිකුත්කිරීමේ කාර්යාලය ඉදිරියේ පැවති දිගු වාහන පෝලිමයි.මාත් තවත් මිතුරෙකුත් වාහනයෙන් බැස ප්‍රවේශපත් කාර්යාලට ගමන් කළෙමු.කුඩා පොකුණක් ආසන්නයේ ඒ මතම වාගේ පිහිටා තිබුණු කාර්යාලය අසල සීතල දෙගුණ තෙගුණ වී පැවතියෙන් වෙව්ලමින් පෝලිමේ සිටීමට සිදුවිය .ප්‍රවේශපත් කවුළුවේ සිට මද දුරක් ගමන්කළ පසු අපට තොටුපොළ කන්ද පිවිසුම අසලට ලඟාවීමට හැකිවිය.බලාපොරොත්තු වූ පරිදිම ඒ අසල වාහන දකින්නට නොලැබුණේ මේ පිළිබඳ ඇති සංචාරක අවධානය අඩු බව පිළිබිඹු කරමින්.

ගමන්මගේ ඇරඹුම


වනය මැදින් ඇති අඩිපාර.(මෙහි පැහැදිලිව වියන් ස්ථරය හා පහත පඳුරු ස්ථරය දැකගත හැක)


වැසි,සුලං වලට ඔරොත්තුදීමට ඇඹරුණු අතු සහිත ගස්.(මේවායෙන් කෙඳි මෙන් එල්ලෙන්නේ මා සිතන ආකාරයට Fruticose
 වර්ගයට අයත් ලයිකන විශේෂයකි )

                                    ඒ අසල තිබුණු පුවරුවක සඳහන්කොට තිබුණේ රාවණාගේ දඬුමොණරය ගුවන්ගත කිරීමට භාවිතා කළ නිසා මෙම කන්ද තොටුපොළ කන්ද නම්වන බවයි .අඩිපාර ආරම්භයේ ගල් අල්ලා සකස්කර තිබුණත් ඉන් ඉදිරියට පැවතුණේ කැලය මැදින් වැටුණු පටු අඩිපාරකි.ලයිකන එල්ලෙමින් තිබුණු තෙතබරිත වූ ගස් මීදුම් සහිත කාලගුණයත් සමග පරිසරය යම් ගුප්ත ස්වභාවයකට දිස්විය.අඩිපාරේ ඇතැම් මග වැරදීමට හැකි තැන්වල නිවැරදි මාවත පෙන්වීමට පුවරු සවිකර තිබීම ඉතා ප්‍රයෝජනවත් විය .

මග පෙන්වන පුවරු

බෝවිටියා මල්
                      තරමක් ඉහලට ගමන්කරද්දී  මග දෙපස අලංකාර බෝවිටියා මල් පිරී තිබුණි .වෙනත් ප්‍රදේශ වලට වඩා තෙත් කලාපයේ කඳු ආශ්‍රිතව දකින්නට ලැබෙන ශාකවල වර්ණ තීව්‍රතාව වැඩි නිසා ඇසට පෙනෙන සෑම දෙයකම සුන්දරත්වය ඒහා සමානව වැඩිවී තිබිණි .ලංකාවේ තෙවැනියට උසම කන්දට යන ගමන්මග වුවත් කිසිදු සීඝ්‍ර නැගීමක් නොමැති වීම අපට  තරමක පුදුමයක් විය .තරමක පහසු ගමනකින් පසු කඳු මුදුනට පැමිණි අපට දැකගන්නට තිබුණේ මීදුමෙන් වැසුණු පරිසරයක් තුලින් නැගීසිටින සම්ප්‍රේෂණ කුලුනකි.

මීදුම අතරින් කණ්ඩායම ඉදිරියට

කඳු මුදුනේ සම්ප්‍රේෂණ කුලුන

                        වෙනදාට කඳු මුදුනකට පැමිණි විට දැනෙන හැඟීම මෙහිදී නොදැනුනේ පහසුවෙන් ලඟාවීමත් මීදුම නිසා අවට කිසිවක් නොපෙනීමත් නිසාවෙනි. අපහසු ගමනකින් සැතැපුම් ගණනක දුරක් දෙපයට පහතින් තිබෙනු දකිද්දී ලැබෙන ආශ්වාදය මෙවැනි සංචාර සඳහා මා පෙළඹෙන ප්‍රධාන හේතුවකි.මේ ගමනෙන් එම ආශ්වාදය නොලැබුනත් ලංකාවේ තෙවැනියට උසම කඳු තරණයේ මතක සිතේ සටහන් කරගනිමින් නැවතත් පසුකර ආ මනරම් අඩිපාර ඔස්සේ පහතට ගමන් ඇරඹූවෙමු .
                       



ගස් බෙනයක වැඩෙන මෙම අපිශාකය මට පෙනුනේ මව් කුසක ඇති කළලයක් වගේ

මහ ගහක් තව ශාක ගණනකට නිවහනක්වන හැටි.
  

                               
                                   කඳු මුදුනට පැමිණ ආපසු යාමට මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර හතරක්වන අතර එම දුර යාමට අපට පැයකුත් විනාඩි හතලිහක කාලයක් ගතවී තිබුණි.පහතට පැමිණි අප තීරණය කළේ කාලවේලාව පවතින බැවින් ලෝකාන්තය නැරඹීමට යාමටයි.(ඒ ගමනේ කතාව වෙනත් ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමි)

27 comments:

  1. නියමයි... අර බොවිටියා මල් පින්තූරේ හරිම ලස්සනයි.කන්ද නගින්නට සංචාරකයන් නැත්තන් මොකටද දිගු පෝලිමක් ටිකට් ගන්න

    ReplyDelete
    Replies
    1. ටිකට් දෙන්නෙ හෝර්ටන් තැන්න වනෝද්‍යානයටනෙ,වනෝද්‍යානය ඇතුලෙ යන්න තැන් තුනක් තියනවා ලෝකාන්තය බේකර්ස් ඇල්ල ,කිරිගල්පොත්ත සහ මේ තොටුපොළ කන්ද .ගොඩක් දෙනෙක් (හැමෝම වගේ) යන්නෙ ලෝකාන්තය බලන්න. මේ ගිය මග දිගටම මල් පුදුම ලස්සනක් තිබ්බෙ.

      Delete
    2. අපොයි ඒක අදනෙ දැනගත්තෙ හොටන් තැන්නෙ දෙපාරක් ගියා කුඩා ලෝකාන්තය මහ ලෝකාන්තය බේකර්ස් ඇල්ල ඔය ටික තමා අපි බැලුවේ.තොටුපල කන්ද බලන්න යන්නෙත් එතනින් කියල දන්නෙත් දැන්.

      Delete
    3. මේක ලෝකාන්තය බලන්න යනවට වඩා ලේසියෙන් යන්න පුළුවන්.ආය ඒ පැත්තෙ ගියොත් ගිහින් බලන්න.

      Delete
  2. බක්කරේගේ සටහන් කවදත් ආසාවෙන් කියවන්නේ. මේ ලිපියත් දමා තිබෙන පින්තූර ටිකත් අපූරුයි. උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගන්න හැමෝටම වටිනා ස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ඒ කාලේ අපි ගියේ සිංහරාජෙට. මෙතනත් ඒ වගේම වටින තැනක් කියලා හිතෙනවා. ලිපියට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉගෙනගන්න කෙනෙකුට යන්න වටිනා තැනක් .හැබැයි ගොඩක් ලොකු කණ්ඩායමක් ගියොත් ගමනෙ වටිනාකම අඩුවෙනවා .දුමීත් ඒ අත්දැකීම් ලියන්න.

      Delete
    2. //හැබැයි ගොඩක් ලොකු කණ්ඩායමක් ගියොත් ගමනෙ වටිනාකම අඩුවෙනවා // ඒක හරි. බක්කරේ සටහන් තරම අපූරුවට ලියන්න බැරිවෙයි මට.

      Delete
    3. දුමීට බැරිනම් වෙන කාටද ලස්සනට ලියන්න පුළුවන්.කවි කතා අතරින් ඒ විස්තරත් ලියන්න.

      Delete
  3. මම දැකල තියන බෝවිටිය මේ වගේ ලොකු ගස් නෙමෙඉ . පොඩි ඒවා .මම හිතන්නේ හීන් බෝවිටිය මහ බෝවිටිය කියල දෙකක් තියනවා නේද . තව විස්තර තිබුනානම් හොදඊ.කුරුළු වර්ග දැක්කේ නැද්ද. කොහොම උනත් වැඩේ හොදඊ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ මහ බෝවිටියා . කුරුල්ලො දැක්කට පින්තූර ගන්න බැරිවුණා (ඇත්තටම ලොකු අවධානයක් තිබුන්නෑ මීදුමත් එක්ක).ලියන්න වැඩේට ටිකක් කම්මැලි නිසා විස්තර අඩු ඇති.මොනාහරි විශේෂයෙන් ලියවිය යුතු දේවල් තියනවනම් කියන්න.

      Delete
  4. සතුටක් මෙවන් ස්ථාන තවමත් “දුෂණය නොවී“ තිබීම. ස්තුතියි ඔබේ ලිපියට , වෙහෙසට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට.පරිසරය විඳීමේ අරමුණින් සංචාරය කරනවනම් පරිසරයට හානිකරන්න කෙනෙක් පෙළඹෙන්නෑ.

      Delete
  5. තොටුපොළ කන්ද ඇත්තටම ඒතරම් ලොකු අභියෝගයක් නෙවෙයි. නමුත් බොහෝ දෙනා නොයන නිසාත් අවට පරිසරයේ සුන්දරත්වය නිසාත් මේ ගමන අමතක නොවන එකක්. මෙන්න මං තොටුපොළ ගිහිපු විස්තරේ...
    http://sobaroo.blogspot.com/2013/07/blog-post.html
    http://sobaroo.blogspot.com/2013/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. //බොහෝ දෙනා නොයන නිසාත් අවට පරිසරයේ සුන්දරත්වය නිසාත් //ඇත්තටම මේ ගමන සුන්දර වෙන්නෙ මේනිසා තමයි.
      මම ඒ ලිපිත් බැලුවා,ලස්සන ඡායාරූප එක්ක වටිනා විස්තරයක්.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කරුණාකර මෙම අඩවියට අදාල නොවන සහ වෙනත් අයට අපහාසවනදේ පලකිරීමෙන් වලකින්න.

      Delete
  7. මිනිස්සු වැඩිපුර නොයන නිසාම පරිසරය තාම ආරක්ෂා වෙලා තියෙන හැඩයි.
    මොනව උනත් අර පාර පෙන්නන බෝඩ් ගහල තියෙන එකනං අගේ ඇති වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒ බෝඩ් ගහල තියන එක සෑහෙන්න වටිනවා.කිරිගල්පොත්ත පාරෙත් එහෙම තිබ්බනම් කියල හිතුනා පාර වැරදුනු හැටි මතක් වෙලා.

      Delete
  8. ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    ReplyDelete
  9. මම හිතුවේ ඔය යන තැන්වලට ආවේනික වෙච්ච සතුන් ගස් වැල් විශේෂයෙන් උඩවැඩියා වර්ග තියනවා නේද . ඉතින් ඒවගේ පින්තුර සමග විස්තරත් තියනවනම් ගොඩක් හොදඊ.ලියන එකේ වටිනාකමත් වැඩිවෙනවා බලන අපිත් යමක් ඉගනගන්නවා නේද. මම කිඋව දේ හිතල බලන්න .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට,පුළුවන් විදිහට ඒ විස්තර ඉදිරියට දාන්නම් .

      Delete
  10. මරු බන් උබේ සංචාරනම් සුප්පා.... අපිටත් යන්න හිතෙනවා. පුළුවන්නම් මේ මේල්ලුවට උබේ නම්බරේ දාපන්

    ReplyDelete