 |
දිවිදොස් කන්ද |
දිවිදොස් කන්ද නැත්නම් ගන්නෝරුව රක්ෂිය හෙක්ටයාර 64ක් වසා පැතිරී තිබෙන තරමක් කුඩා වනාන්තරයක්.මෙම කන්ද සහ අවට ප්‍රදේශය සම්බන්ධ ජනප්‍රවාදයක් වන
දිවිදෝෂයේ කතාව මීට පෙර ලිපියේ මා සඳහන් කළා.තවත් මෙම ප්‍රදේශය සම්බන්ධ ඉතාමත් වැදගත් සිදුවීමක් වන්නේ 1638 සිදුවූ විජයග්‍රාහී ගන්නෝරුව සටනයි.මෙහිදී දෙවන රාජසිංහ රජුගේ මෙහෙයවීමෙන් දියෝගෝ ද මේලෝ නායකත්වය දැරූ පෘතුගීසි හමුදාව පරාජය කරන ලදී. කෙසේවෙතත් දිවිදොස් කන්ද මට වැදගත් වන්නේ එය මවිසින් තරණය කළ පළමු කන්ද නිසාවෙනි .ඒ කාලයේ දැන් මෙන් කඳු නැගීමේ උණක් නොතිබුණත් මම පාසලේ සංගමයකින් සංවිධානය කළ ගවේෂණ චාරිකාවට එක්වුණේ මිතුරන් සමග ඇවිදීමට තිබූ ආසාව නිසාවෙනි . එයට තවත් හේතුවක් වූයේ ඒ දිනවල පදිංචිව සිටි නිවස මේ කන්දට ඉදිරියෙන් පැවතීමයි.එයින් පසු කඳු ගණනාවක් තරණය කළත් දිවිදොස් කන්දට නැවතත් යාමට අවස්ථාවක් ලැබුණේ මෑතකදීය .ගමන ආරම්භ කිරීමට රණබිම රාජකීය විද්‍යාලය ඉදිරිපිටදී අපේ කණ්ඩායම එක්විය . (මහනුවර සිට මුරුතලාව,ගන්නෝරුව හෝ යටිහලගල බස් රථ වලින් රණබිම රාජකීය විද්‍යාලය අසලට පැමිණිය හැක) පාසල පිටුපසින් ඇති මාර්ගය ඔස්සේ ගමන්කළ අප රක්ෂිතය පාමුල ඇති කුඩා ක්‍රීඩාංගනය වෙත ආවේ වනාන්තරයට ඇතුල්වීමට එතැනට පැමිණි බවට යම් මතකයක් පැවති බැවිනි.
 |
දං කැලය මැදින් ඉදිරියට |
 |
දං ගෙඩි සමග මල්
|
 |
අතරමගදී.... |
ක්‍රීඩාංගනය කෙළවර තිබුණු දං කැලය මගේ මතකයේ හොඳින්ම පැවතුණු නිසා අපි එතැනින් කැලයට පිවිසීමට තීරණය කළෙමු.අතරින් පතර තිබූ ඉදුණු දං ගෙඩි කමින් ඉදිරියට ගමන්කළේ හල්ඔළුව පාරට මුහුණලා ඇති ගල්පොත්තට ලඟාවීමටයි.දිවිදොස් කන්ද මුදුන ගස්වලින් ආවරණය වීම නිසා අවට නිරීක්ෂණයට හැකිවන්නේ එම ගල්පොත්තේ සිට සහ දිවිදොස් ගලේ සිට පමණයි.තරමක මහන්සියකින් පසු අපට ගල්පොත්තට ලඟාවීමට හැකිවුණි ,එතැන සිට මහවැලි ගඟ සහ ප්‍රිම්රෝස් කන්ද හොඳින් දැකගැනීමට හැකිවිය .මෙහි සිට මහවැලි ගඟේ පෙනෙන්නට තිබෙන කොටසේ ගල්පර බහුලව ඇති නිසා ගඟ ගලායන්නේ හඬනගාගෙන සුදු පෙන නගමින් තරමක වේගයෙනි .(මහනුවර අවට දියේ ගිලීමෙන් සිදුවන අනතුරු බොහොමයක් සිදුවන්නේ එම කොටස ආශ්‍රිතවයි.)
 |
පළමු ගල්පොත්තට පෙනෙන දර්ශනය.(මහවැලි ගඟ අසල ඇත්තේ ප්‍රිම්රෝස් කන්දයි ) |
 |
පුස් වැල |
 |
පුස් වැල |
ගල්පොත්ත මත හිඳ තරමක් වෙලා ගතකළ අප නැවත ගමන් ඇරඹුවේ දිවිදොස් ගල වෙත යාමටයි.දිගින් දිගටම ගමන්කළ අපට තරමක් විශාල පුස් වැලක් හමුවිය.එවිට මට වැටහුණේ අප දිවිදොස් ගල පසුකර පැමිණ ඇති බවයි.ආපසු හැරුණු අප කන්දේ දකුණු බෑවුමට ආසන්නව ගමන්කළේ නැවතත් දිවිදොස් ගල මගහැරීම වලක්වා ගැනීමටයි .අතරමගදී තැනින් තැන රතුපැහැ රෙදි පටිවලින් මග සලකුණුකර තිබෙනු හමුවූ බැවින් අප නිවැරදි මගට පැමිණි බව පැහැදිලි විය.මෙහි සිදුකරන පාසල් ගවේෂණ තරඟ සඳහා මෙලෙස මග සලකුණු යෙදීම සිදුකරන අතර පසුව ඒවා බොහොමයක් ඉවත්කරන නිසා එම සලකුණු ඔස්සේම ගමන්කිරීම අපහසු කරුණකි.සාමාන්‍යයෙන් දිවිදොස් කන්දේ ගවේෂණ තරඟ සංවිධානය කරන්නේ රණබිම රාජකීය විද්‍යාලයෙනි.(මෙලෙස විවිධ පාසල් ගවේෂණ තරඟ සංවිධානය කරන තැන් පවතී.උදාහරණයක් ලෙස හන්තානේ කිංස්වුඩ් විද්‍යාලයේ ගවේෂණ තරඟ පවතී) දිවිදොස් ගල වෙත ගමන්කළ යුත්තේ තරමක අපහසුවෙනි. දිවිදොස් ගලට දකින්නට ලැබෙන දර්ශනය අපහසුවෙන් පැමිණි ගමනට ලැබෙන ත්‍යාගයක් බඳුය.
 |
දිවිදොස් ගලට පෙනෙන දර්ශනය |
වම්පසින් හන්තාන කඳුවැටිය දකින්නට ලැබෙන අතර එතැන්සිට මොණරාගල /Peacock hill( ඌව පළාතේ මොණරාගල නොවේ),අම්බුළුවාව,බතලේගල සහ අලගල්ල යන කඳු සියල්ලම නැරඹිය හැක.මෙතැනට මුලින්ම පැමිණි විටදී මේ කඳු පෙන්වාදුන් ගුරුතුමාගේ නමත් අලගල්ල නිසා ඒකාලයේ මගේ මතකයේ තිබුණේ අලගල්ල කන්ද පමණයි .මෙතැන් සිට පේරාදෙණිය උත්භිත උද්‍යානයත් මහවැලි ගඟ එය වටකරගෙන ගලාබසින ආකාරයත් දැකිය හැක. කලින් සඳහන් කළ පරිදි ගන්නෝරුව සටන මෙම ප්‍රදේශයේ පැවති අතර වැස්සට තෙමුණු වෙඩිබෙහෙත් පෘතුගීසින් විසින් කඳුපාමුල වියලද්දී සිංහල දුනුවායන් දිවිදොස් ගලේ සිට ඊතල වලට ගිනිතැබූ කරුංකා සවිකර විදීමෙන් ඒ වෙඩිබෙහෙත් විනාශකර දැමූ බවට මතයක් ප්‍රදේශවාසීන් අතර පවතී .එම මතයම දිවිදොස් ගල වෙනුවට ප්‍රිම්රෝස් කන්ද ආදේශ වී අන්තර්ජාලයේ ඇතැම් අඩවිවල දකින්නට ලැබුණි .කෙසේවෙතත් ප්‍රිම්රෝස් කන්දට වඩා දිවිදොස් ගලේ සිට පහතට පහරදීමේ හැකියාවක් ඇතිබව මගේ අදහසයි.තවද මෙයට පහලින් ඇති ප්‍රදේශයත් රණබිම නම්වීමම යුද්ධය මෙහි පැවති බවට සාක්ෂියකි .ඉන්පසු අපගේ අදහස වූයේ ආපසු යාමටයි.නිවැරදි පාර සොයාගත් පසු පහළට යාමට අපට ගතවූයේ විනාඩි විස්සක් පමණයි.සාමාන්‍යයෙන් මෙම වනය සතුන් නිරීක්ෂණයට ඉතා යෝග්‍ය වුවත් අප පැමිණියේ දහවලක බැවින් අපට ඒ සඳහා අවස්ථාවක් නොවීය.එහෙත් අපට සමනල විශේෂ කිහිපයක්,පිනුම් කටුස්සෙක් සහ වැලිමුවන් දෙදෙනෙකුත් දැකගන්නට හැකිවූ නමුත් ජංගම දුරකථනයෙන් එම සතුන් ඡායාරූප ගතකළ නොහැකි විය.
 |
අතරමගදී.... |
 |
දිලීර වර්ගයක් |
 |
කන්දේ එක් බෑවුමක වැඩී ඇති මහෝගනී ශාක.(දැව සඳහා වටිනා වුවත් මෙම ආක්රමනශීලී ශාකජෛව විවිධත්වයට අහිතකර බලපෑමකි ) |
මාත් කන්දට ගීයා වගේ දැනුණා. ඔයාලා වගේ පරිසරයට ආදරේ කරන අය ඉන්න එක කොඉතරම් හොදද.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට lromani.
Deleteවෙනද වගේම හොඳ විස්තරයක්.
ReplyDeleteපාසල්වලින් ඔය වගේ තරඟ සංවිධානය කරන එකෙන් ළමයින්ට හොඳ අත්දැකීමක් ලබාගන්න පුලුවන් ඇති.
පාසල් කාලෙ ගවේෂණ තරඟවලට සහභාගී වෙන එක සෑහෙන වටින අත්දැකීමක් .එහෙම අත්දැකීම් තියන අය කවදාවත් යන තැන් විනාස කරන්නෑ.
Deleteහැමදාම වගේ මේක් කියවලා ආස හිතුනා.. මටත් මේ කන්දට යන්න ඇත්නම් කියලා හිතෙනවා
ReplyDeleteලඟපාත කන්දක නැගල වැඩේ පටන්ගන්න.නුවර පැත්තෙ එන වෙලාවක කියන්නකො ගයිඩ් වැඩේ කරන්නම් කන්දක නගින්න.
Deleteමං ඉතින් කඳු වලට නැගලා තියෙන්නේ සිරිපාදේ, ආදර කන්ද, ලිප්ටන් සීට්(ඒකනම් කන්දක් නෙවේද කොහෙද. අපි බස් එකකින් ගිය නිසා පයින් ගියේ කන්ද නැගලා) ඕවා තමා.. කඳු නගින්න වඩා ආස රෑට කැම්ප් ගහන්න, ගිනි මැලයක් ගහලා... බලන්න ඕනා
Deleteහරිම අපූරු සටහන... කියවන අපිටත් කන්ඳට ගියා වගේ දැනුනා...
ReplyDeleteවිශේෂයෙන් ස්තුතී බක්කරේ පිංතූර විස්තර කළාට...
ගොඩාක් සන්තෝසයි මේ සටහන රසවින්දා කියල දැනගත්තම .
Deleteදැණුමත්, රසයත් පිරුණු ලිපියක්. 'දං' කිව්වාම බැලුවේ මේ අපි පොඩි කාලේ කාපු දං ගෙඩි නෙමෙයිනේ.....
ReplyDeleteජයවේවා!!!
ලංකාවේ මම දන්න තරමට දං වර්ග තුනක් තියනවා මාදං(Syzygium cumini),හීන් දං(Syzygium caryophyllatum) සහ බලු දං(Ardisia elliptica).මම මේකෙ දාල තියන්නෙ බලු දං මේව මාදං වගේ රසනෑ.
Deleteපිලිමතලාව, පේරාදෙණිය ට්‍රැෆික් වලින් බේරෙන්නෙ ලඟදි මුරුතලාව පාරෙන් ගන්නොරුවට ගියා. ඒ පාර නේද?
ReplyDeleteමුරුතලාව පහුකරගෙන ආවනම් මේ පාරෙ තමයි ඇවිත් තියන්නේ.මේ පාර ප්‍රධාන පාරට වැටෙන තැනට මීටර් සීයකට විතර කලින් තමයි අපි ගමන පටන්ගත්තු තැන තියන්නේ.
Deleteහැමදාමත් වගේ සොඳුරු චාරිකා සටහනක් රූප පෙලක්... මමත් දන්නෙ නෑනේ මෙහෙම දං ගෙඩි. මම දන් කියලා දන්නේ වෙන එකක්නේ.
ReplyDeleteමම දුමීට කිව්ව වගේ දං ජාති කීපයක්ම තියනවා.ප්‍රතිචාරයට ස්තූතියි සඳවතී
Deleteබක්කරේගෙ මේ සංචාර ටික. සංචාරය කර්න්න කැමති ඒත්...සංචාරයක් යන්න වෙන්නෙ නැති අපි වගේ එවුන්ට.
ReplyDeleteපලයන් පලයන් කියලා කියන ලිපි ටිකක්.....
අපිත් ඊලග මාසෙ කන්නදක යන්න හිතන් ඉන්නවා. වැඩේ ළං වුනාම උපදෙස් ටිකක් ගන්නම්කො බක්කරේගෙන්
Deleteනියමයි,කොහෙද යන්ඩ ඉන්නෙ?
Deleteමේ බ්ලොග් එක කොහොමද බොලේ මට මිස් වුණේ? හරිම අපූරුයි විස්තර ටික...
ReplyDeleteපරණ ලිපි ටිකත් කියෙව්වා. බ්‍රැන්ඩිගල ගමන එහෙම හරිම අපූර්යි. දිගටම ලියන්න. අපි එනවා දිගටම
මගේ බ්ලොග් රෝලෙත් එල්ලා ගත්තා ඕන්න. දැන් මිස් වෙන්නේ නෑ
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට .මම සොබාරූත් ආසාවෙන් කියවන බ්ලොග් එකක්.මේ පැත්තට දිගටම එන්න.
ReplyDeleteනියම විස්තරයක් ඇත්තටම ගියා නම් හොදයි කියලා හිතුනා මටත් ,
ReplyDeleteඅදමයි මේ පැත්තට ගොඩ උනේ , වෙලාවක අපේ පැත්තටත් එන්න
ස්තූතියි ප්‍රතිචාරයට .ඒ පැත්තට එන්නම්කො
Deleteමල්ලි, කංතෝරුවේ වැඩ කටයුතු රාශියක් මැද්දේ තමයි පෝස්ටුව බැලුවේ. ඉතාම සුන්දර අත් දැකීමක් අපූරුවට විස්තර කරලා.ඇත්තටම මට නම් මේ වගේ අත් දැකීම් අඩුයි. ඒත් හක්බෙල්ලාවක ආවොත් ඔයාට තරණය කරන්න කඳු තියෙනවා වටේටම. ආවොත් සියලු පහසුකම් ඇති හැකි විදියට සපයන්නම්. පුලුවන් උනොත් මමත් එන්නම්. කයාකින් කරන්නත් පුළුවන්!
ReplyDeleteඔහොම කියන එකත් වටිනවා .ඒ පැත්තට වෙලාවක ඇවිත් බලන්න ඕනි .
Delete