මේ සංචාරය මගේ කළයුතු ලැයිස්තුවේ කාලයක් පැවතුනත් තොරතුරු මදකම නිසා සංචාරය කළ නොහැකිවූවකි. මේ ගමන පිටත්වන විට අප දැන සිටියේ මාදිවෙල බස් රථයෙන් ගමන් කිරීමෙන් කඳුපාමුලට යාහැකි බව පමණක්ම විය.මාතලේ නගරයේ අඹ ගහ මුල(දැන් අඹගස ඉවත්කර වසර ගණනකි) හා නුග ගහ මුල ලෙස බස්නැවතුම් දෙකක් ඇති අතර ඉන් නුග ගහ මුල බස්නැවතුම නුවර බස් සඳහා වන බව දැන සිටි නිසා මම මාදිවෙල බස්රථ අනිවාර්යයෙන් අඹ ගහ මුල බස්නැවතුමේ ඇතිබව පවසා මිතුරන් කැඳවාගෙන ගියෙමි.නමුත් එතැනදී දැනගැනීමේ ලැබුණේ අප ගොංගාවෙල බස්නැවතුමට යායුතු බවයි.මාතලේට ආසන්නව කුඩාකළ ජීවත් වුවත් එවැනි නමක් මා ඇසුවේ ප්‍රථමවරට විය .(මාතලේ ආසන්නව සිටියත් මම නගරයට පැමිණියේ දෙමව්පියන් සමග නුවර බස් එකට නැගීමට පමනක්විය.)ගොංගාවෙල බස්නැවතුම දුම්රිය ස්ථානයට නුදුරින් ඇතිබව දැන ගත්විටඅප ඉක්මනින් ගමන් ආරම්භ කළේ එම බස් රථය මගහැරුනොත් පැය ගණනාවක් මග රස්තියාදු වීමට සිදුවන නිසා සහ වෙනත් විකල්ප බස් රථ ගැන අපි නොදැනසිටි නිසාත්ය.සුපුරුදු පරිදි අපගේ වාසනා මහිමයෙන් මාදිවෙල බලා පිටත්වන එකම බස් රථය විනාඩි කිහිපයකින් මගහැරී තිබුණි.
මෙය උදෑසන ආහාරය ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා අපි අසල තිබුණු කඩයක් හිස් කිරීමට තීරණය කළෙමු .අප කෑම ගනිමින් කතා කළේ ඉදිරියට ගතයුතු පියවර පිළිබඳවයි.එම කතාව අසාගෙනසිටි මුදලාලි මහතා අපට බ්‍රැන්ඩි ගල පමණක් නොව මාතලේ අවට ඇති විල්ෂයර් හා ඇටිපොළ කඳු වෙත යන ආකාරයද පැහැදිලිකර දුනි.එයින් අප පුදුමයට පත්වුණේ සාමාන්‍යයෙන් කඳු නගින බව ඇසුවත් සියදිවි නසාගැනීමට යන පිස්සන් ලෙස අපව දකින දකින පුද්ගලයන් හමුවීම සාමාන්‍ය සිදුවීම වුවත් කැමැත්තෙන් පාරවල් කියාදෙන පුද්ගලයන් දුර්ලභ බැවිනි .ඉන්පසු මුදලාලිගේ උපදෙස් මත අපි ඇටිපොළ බස් රථයකට නැගගතිමු.
අළුවිහාරය පසුකර මදක් ගියපසු ඇටිපොළ දක්වා ඇති අතුරු පාරට බසය පිවිසුනි.ඒ මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගමන්කළ පසු කොන්දොස්තරවරයා අපට මාදිවෙල පාරට හැරෙන තැනදී බැසීමට උපකාරී විය .ඉතා පටු එම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන්කළ පසු අපට මුල්වරට බ්‍රැන්ඩි ගල දැකගතහැකි විය. (ඇටිපොළ හා විල්ෂයර් කඳු වලින් වටවී ඇති නිසා ප්‍රධාන පාරට මෙය දැකගත නොහැක.)
![]() |
බ්‍රැන්ඩි ගල |
තවත් කිලෝමීටර දෙකක් පමණ ගමන්කළ පසු අපට මරියතුමියගේ පිළිරුවක් සහිත හන්දියකට පැමිණිය හැකි විය.ඒ ආසන්නයේ නිවසකින් පාර ඇසූ විට එහි සිටි වතු කම්කරුවෙක් ඉතාම ඕනෑකමින් අපට උපකාර කිරීමට ඉදිරිපත් විය.ඔහු සමග කතාබහ කරන විට අපට වැටහුනේ කන්දට යෑමට වඩා අප සතුව බීමට ඇති දේ පිළිබඳ ඔහුගේ උනන්දුව වැඩි බවයි.ඒ මොහොතේ අප සතුව මත්පැන් බිඳක් හෝ තිබුණි නම් ඔහු අපව කඳු මුදුනට ඔසවාගෙන යනබ් බව නොඅනුමානය.කෙසේ වෙතත් ඔහුගේ බල කිරීමට අසල කඩයකින් කපුරු සහ සුවඳ කූරු මිලටගෙන කෝවිලේ යාමට සිදුවිය.එයිනුත් නොනැවතුණ ඔහු අපට ඉතිරි කපුරු ආදිය කන්දේ තරමක් ඉහළ ඇති වන්දනාමාන කරන ස්ථානයකට පූජා කළයුතු බව කියාසිටියේය.එවිට දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහතින් කඳු තරණය කළහැකි බව පැවසුවේය.අපට දේව කරුණාව කෙසේවෙතත් ප්‍රදේශවාසීන්ගේ කරුණාව අවශ්‍ය නිසා අපි එම උපදෙස් සාවදානව අසා සිටියෙමු.
ඉන්පසුව අප ගමනාරම්භ කළ පසු ඔහු නැවතත් මගපෙන්වීමට පැමිණියත් මගපෙන්වන්නෙක් සමග ගමන්කරන විට ගමනේ ආශ්වාදය සෑහෙන ප්‍රමාණයකින් අඩුවන නිසා ඔහුව මුදලක් අතමිට මොලවා පිටත්කර හැරීමට අපි කටයුතු කළෙමු.මග සලකුණු ඔස්සේ අතුරු පාරේ ගමන් කරද්දී හමුවූ කුඩා දරුවෙක් අපට ඔවුන්ගේ නිවස පිටුපස ඇති අතහැර දැමූ තේ වත්තක් හරහා ගමන්කළ කන්දට යාහැකි බව පෙන්වාදුනි ,ඒ අනුව අපි කඳු නැගීම එතැනින් ආරම්භ කළෙමු .මදක් ගමන්කළ පසු අපට කුඩා දිය ඇල්ලක් හමුවූ අතර එය අපට ගිමන් නිවීමට කදිම ස්ථානයක් විය.එතැන්සිට තරමක් දුෂ්කරව ගල දිගේ ඉහලට ගමන්කළ යුතු විය.ඉහලට පැමිණි විට අපට තරමක තැනිතලාවක් හමුවූ අතර එය හරහා තිබුණේ පහත දිය ඇල්ල නිර්මාණය කරන දිය දහරයි.
![]() |
තැනිතලාවේ සිට කඳුමුදුන |
තැනිතලාව පසුකරමින් අපි ඉදිරියට ගමන්කළේ කඳුමුදුනට ළඟාවීමටයි.ඒ සඳහා සෑහෙන අවධානමක් සහිතව ගල් වල එල්ලෙමින් සහ ගල් අතරින් රිංගාගෙන යායුතු විය.එවැනි වෙහෙසකර ගමනකින් පසු විශාල ගල්තලාවක් වන කඳු මුදුනට ළඟාවීමට හැකිවිය .තරමක වැසිබර කාලගුණයක් පැවතුන නිසා අවට කඳු වරින්වර මීදුමෙන් වැසෙමින් පැවතුණෙන් පරිසරයේ අලංකාරය වෙනස්ම මානයකට එසවී තිබුණි .එහි සිට දිවා ආහාරය ගත් අප වැඩිවෙලා නොගෙන නැවත පහතට බැසීමට තීරණය කළේ වැසි වැටුණොත් ගමන ඉතාමත් අන්තරාදායක වීමට ඉඩකඩක් ඇති බැවිනි .පහලට පැමිණි අපට පහසුවෙන් දිනය නිමාකර ගැනීමට මාතලේ බලා යන බස් රථය අල්ලාගත හැකිවිය .
![]() |
ගල් අතරින්ඉදිරියට |
![]() |
මෙතුලින්ද රිංගා පැමිණිය යුතුය |
ප.ලි
මෙම කන්ද තරණයට වැසි නොමැති දිනයක් යොදාගැනනීමෙන් ලිස්සන සුළු ගල්වලින් හා අකුණුවලින් සිදුවිය හැකි හානි වලක්වාගත හැක.(කඳු මුදුන ආවරණයක් නොමැති විශාල ගල් තලාවකි)
මරු ගමනක් වගෙයි.
ReplyDeleteඔය වගේ දේකදි විස්තර කියල පාර පෙන්නන්න ඉදිරිපත්වෙන අය ටවුන්වල ඉන්නඑකත් ලොකු දෙයක්.
හරියටම විස්තරයක් දන්න කෙනෙක් හම්බෙන සෑහෙන්න වටිනව.
Deleteආසාවෙන් කියෙව්වා... අපිත් ළඟදි මාතලේ පැත්තෙ ගිහින් ආවේ.හැබැයි කඳුනම් නගින්න නෙවෙයි රිවස්ටන් ගියා. ඒ පරිසරයට ඒ දේශගුණයට මමනම් වශී උනා.
ReplyDeleteඒ මමත් ඇවිදින්න හරිම ආස ප්‍රදේශයක්,හවස් වෙලා පිටවලපතනෙ ඉන්නකොට වෙනමම ලෝකයකට ගියා වගේ හැඟීමක් එන්නෙ.
Deleteඔය ඉන්න ගමන් ලඟ පාත කන්දක් දෙකක් නැගල බලන්න.
Deleteලස්සන තැනක් ගැන රහ උතුරන ලිපියක්.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.දුමින්ද ඉස්සෙල්ලාමනෙ මේ පැත්තට ආවේ,දිගටම එන්න.
Deleteඑල ද බ්‍රා
ReplyDelete++++++
Deleteඇත්තටම හොයන් යනවනම් කොපමණ තැන් තියනවද ලංකාවේ යන්න
ReplyDeleteඇත්තටම
Delete++++++++
ReplyDelete+++++
Delete