දිය ඇල්ල නැරඹීමට යාහැකි පහසුම ක්‍රමය උදෑසන බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියෙන් ගමන්කර පසුව බදුල්ලේ සිට පැමිණෙන පොඩි මැණිකේ දුම්රියෙන් නැවත පැමිණීමයි.ගෙලිඔය දුම්රිය නැවතුමෙන් උදෑසන 9.10 ට පිටත්වූ අපට වන විට ගල්බොඩ දුම්රිය නැවතුමට ළඟාවීමට හැකිවිය.එතැනින් බැසගත් සියළුදෙනාම පාහේ අප වැනිම සංචාරකයන් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.දුම්රිය නැවතුමේ සිට නැවතත් පැමිණි දුම්රිය මාර්ගය ඔස්සේ තරමක් දුර පැමිණි පසු අපට ගල්බොඩ වතුයාය හරහා ඇති දිය ඇල්ලට තෙක් දිවෙන මාර්ගයට පිවිසීමට හැකිවිය.එතැනින් දිය ඇල්ල නැරඹීමට යන සංචාරකයන් ප්‍රාදේශීය සභාව විසින් නිකුත්කරන ප්‍රවේශ පත්‍ර ලබාගත යුතුය.එතැන්සිට යායුතු මාර්ගය සෑහෙන දුරක් දක්වා වාහන ධාවනය කළහැකි මට්ටමින් පවතින්නකි.
![]() |
දුම්රිය මාර්ගය හා පාගමනින් පැමිණි මාර්ගය |
![]() |
අතරමග දිය කඩිති |
කිලෝමීටර දෙකක් පමණ පාගමනින් ගමන්කළ අපට දිය ඇල්ල පෝෂණය කළ දිය පහර හමුවුණි.මීට වසර කිහිපයකට පමණ පෙර මා මුලින්ම පැමිණි වාරයේ දිය පහර තරණය කළේ ඒ හරහා ඉදිකර තිබුණු බැම්මක් මතට අසීරුවෙන් නැගීමෙනි.එවර දිය ඇල්ල අසලට පැමිණියේ වැසි කාලයේදී බැවින් මඩේ එරෙමින්,කූඩලු ප්‍රහාර විඳිමින් ගල් ඉද්ද ගස් අතරින් රිංගමින් දුෂ්කර ගමනකින් අනතුරුවයි .නමුත් මේවන විට ගමන්කළ යුතු මාවත ඉතා හොඳින් නිමවා ඇත්තේ දිය පහර තරණයට වැල් පාලමක්ද තැනීමෙනි.
![]() |
වැල් පාලමෙන් එගොඩට |
මෙවර දිගු වියලි කාලයකට පසුව අප පැමිණි නිසා දිය ඇල්ලේ සුන්දරත්වය මදක් අඩුවී තිබුණත් එය අපට ඇල්ල පාමුලටම යාමට පහසුවක් විය.විනාඩි කිහිපයක් පමණක් ඡායාරූප ගැනීමට වැයකර ඉක්මනිනම් වතුරට බැසගත්තේ පාගමනේ වෙහෙස දියකර හැරීමටයි.
![]() |
වතුර තරමක් අඩු නිසා සුන්දරත්වය අඩුවී ඇත |
![]() |
මීට පෙර සංචාරයකදී ගත් ඡායාරූප |
![]() |
මීට පෙර සංචාරයකදී ගත් ඡායාරූප |
සීතල වතුරේ පැය ගණනක් ගතකළ අප නැවත ගොඩට පැමිණියේ 2.20 පොඩි මැණිකේ දුම්රිය අල්ලාගත යුතුවූ බැවිනි.ඉක්මනින් රැගෙන ආ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අප දුම්රිය ස්ථානය බලා නැවත ගමන් ඇරඹූවේ සුන්දර දවසක නිමාව සනිටුහන් කිරීමටයි.
අපුරුයි සේයාරූ ටිකත් මරු.
ReplyDeleteඇගයීමට ස්තූතියි .ගිහින් බලන්න වටින තැනක්.
Deleteදින දින සොඳුරු වන ගල්බොඩ දියඇල්ල
ReplyDeleteගැන වටිනවා රහ පිරි මේ ලියවිල්ල
එන ළඟ දිනෙක විඳගන්නට සැනසිල්ල
යන ලිස්ට් එකට දාගන්නව මෙම ඇල්ල....
ලස්සන සටහනක්.
ජයවේවා!!!
සැනසිල්ලේ ඉන්ඩ හොඳ තැනක් .කවි සිතිවිලි වැඩි වැඩියෙන් පහලවෙන්න සංචාරය කරල බලන්න .
Deleteඅපූරු චාරිකාවක් නොවැ... මේ පින්තූර පුදුම තරම් ලස්සනයි...
ReplyDeleteපින්තූරවලට වඩා හැබැහින් දකිද්දී පුදුම ලස්සනක් තියන්නේ .අනිවාර්යයෙන් සංචාරය කරල බලන්න .ප්‍රතිචාරයට ස්තූතියි .
Deleteනාන්න තැනක් තියනවද
ReplyDeleteනාන්ඩ තැන් ඇතිවෙන්ඩ තියනවා.වතුර අඩු කාලෙට දිය ඇල්ල පාමුලත් නාන්ඩ පුලුවන්.
Deleteස්තූතියි මග කිව්වාට දිනයක ගිහිල්ලා බලන්නම්.
ReplyDeleteඅනිවාර්යයෙන් ගිහින් බලන්න ,ලස්සන තැනක්.
Deleteනවතින්න ලග තැනක් තියෙයිද
ReplyDeleteපරණ ටිකත් කියව්වා ..
ReplyDeleteනවතින්න පුලුවන් තැන් වගේ විස්තර ටිකක් දාලා ලියන්න ප්ලුවනම් තවත් හොදයි
තරහා වෙන්න එපා එහම කිව්වට
අදහසට ගොඩක් ස්තූතියි.අපි ගොඩක් වෙලාවට යන්නෙ බජට් ට්‍රිප් නිසා එක දවසෙන් එන්ඩ හරි කෑම්ප් කරන්ඩ හරි බලාගෙන තමයි යන්නෙ,ඒ නිසා නවතින තැන්ගැන ලොකුවට හොයන්නෑ.තව තියෙන අවුල් එහෙම බලලා කියන්න.
Deleteදීලා එක්ක මම රණ්ඩු වෙන්නේ මේ වගේ ඒවා ලියපන් කියලා...ඒ ලග පාත නවිතන්න පුලුවන් තැන් ගැනත් පොඩි සටහනක් එකතු කරන්න
Deleteඔය බදුල්ල පැත්තට යන දුම්රිය ගමනත් ලස්සනයිනේ. ලබන පාර අවහම කොහොම හරි යන්න ඕනේ. ලස්සන් පින්තූර ටික. මේ බ්ලොග් එකට කලින් ඇවිත් නැහැ. එල්ල ගත්තා ආයි එන්න.
ReplyDeleteබොහොම ස්තූතියි ආවට.ඒ දුම්රිය ගමන වෙනස්ම අත්දැකීමක් තමයි
Delete